Thursday 18th of June 2026

English Tamil
Advertiesment


අනුරට තුන්බිය දැනිලා..?


2025-08-09 14912

 

පහුගිය 07 වෙනිදා ජනාධිපති අනුර එකපාරටම පාර්ලිමේන්තුවට කඩාගෙන පැනලා හතර අතට වනලා දාලා ගියා.සාමාන්‍යයෙන් ජනාධිපති පාර්ලිමේන්තුව අමතන්න එනවා නම් ඊට කලින් දවසේ නැත්තං එදා උදේ හරි ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් දැනුම් දෙනවා.උවිඳු කුලකුලසූරිය කියන විදිහට ජනාධිපති මාමා පාර්ලිමේන්තුව අමතන්න එනවා නම් බෑනලා ඒ ගැන කලින් දැනුම් දෙන්න ඕනි.කොහොම හරි අනුර පාර්ලිමේන්තුවට එන බව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ගොඩ දෙනෙක් දන්නේ අනුර එන්න පැයකට විතර ඉස්සෙල්ලා.

අනුර කතාව පටන් අරන් හතර වටේට නෙලුවා.ඇත්තටම අනුර කළේ තමන් ඇතුලේ තියන කේන්තිය පිටකර ගැනීමයි.ඒකට කේන්තිය කියනවාටත් වැඩිය හොඳ බය කියලා කියන එකයි. නැත්තම් කිසිම ඉලක්කයක් නැති,සංඛ්‍යා දත්ත නැති,රටට කිසිම අලුත් පණිවිඩයක් නැති,එකමදේ නැවත නැවත කියන,ශත පහකට වැඩක් නැති කතාවක් ඒක.ඒ කතාවෙන් වැඩක් උනා නම් වැඩක් උනේ අනුරට මිසක් වෙන කාටවත් නෙවෙයි.

ඒ අනුරගෙන් ඇඟ ඇතුලේ බුර බුරා නැගිටින වෛරය පිටකර ගැනීමට සහ අනුර බය කරගන්න හැදුව කවුරු හරි බයවෙලා තියනවා නං තමයි.අනුර කිව්වේ රාජ්‍ය ඇතුලේ සහ පිටත ඉඳන්, ආණ්ඩුව ඇතුලේ සහ පිටත ඉඳන් පාර්ලිමේන්තුව ඇතුලේ සහ පිටත ඉඳන් කරන කුමන්ත්‍රණවලට ඉඩ දෙන්නේ නෑ කියලා. කොහොම උනත් අනුරගේ කතාවට බයවෙලා තියෙන්නේ කවුද කියලා හොයලා බලන එක හොඳයි.අනුරගේ කතාවට රටේ රාළ නං බයවුනේ නෑ.අනුර කියන විදිහට ඒ කතාවට බය වෙන්න ඕනි කුමන්ත්‍රණකාරයෝ.

රටේ රාළ කුමන්ත්‍රණකරයෙක් නොවෙන හින්දා බයවුනේ නෑ. අනුරගේ කතාවට රටේ ජනතාව බයවෙලත් නැති බව අනුරට දක්වලා තියන ප්‍රතිචාරවලින් පේනවා.අනුරගේ කතාවට ප්‍රතිචාර දක්වලා තියන ගොඩ දෙනෙක් ඒක ජෝක් එකක් විදිහටයි සලකලා තියෙන්නේ.සමහරු ඒ කතාවට දැඩි විරෝධයක් දක්වපු බවකුත් කමෙන්ට්ස්වලින් පේන්න තිබුණා.ඒ කියන්නේ අනුරගේ කතාවට ජනතාව බයවෙලත් නෑ.ඒ ජනතාවත් ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක නැති හින්දයි.

ඊළඟට අනූරගේ කතාවට විපක්ෂය බයවුන බවක් පේන්නත් නෑ. විපක්ෂයත් ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක නෑ.ඒවා ඔක්කොම අනුරලා හදාගත්ත මනෝ විකාර.අනුර දකින බියකරු හීන විපක්ෂයේ ප්‍රාර්ථනා විදිහට නම් කරලා අනුර හිත හදාගන්න හදනවා.අනික අනුර ඉතාමත්ම පැහැදිලිව අනුරගේ හැටි කිව්වා. අනුර බොරුවක් නං තමයි ඇවිත් පාර්ලිමේන්තුවට කියන්නේ.ඒක හින්දා අනුර මේ කියන්නෙත් තවත් බොරුවක් කියලා විපක්ෂයේ අය දන්නවා.අනුර ඒ කතාවෙන් තමන්ගේ පාර්ලිමේන්තු ඉතිහාසයම කියන්නේ බොරුවක් බව පිළිගත්තා.

ඒ විතරක් නෙවෙයි අනුර දැන් ඒක භාවිතාවෙනුත් පෙන්නලා තියනවා.උදාහරණයක් විදිහට අනුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කැෂිනෝ සම්බන්ධව කරපු කතා සහ අනුර නියෝජනය කරපු ස්ථාවරයන් බොරු බව අද අනුර විසින්ම ඔප්පු කරලා තියනවා.ඒක නිසා හරිනං අනුරලා බයවෙන්න ඕනි අනුරලාගේ වර්තමානට හතුරු අනුරලාගේම පරණ ඉතිහාසයටයි.හැබැයි අනුර බයවෙලා තියෙන්නේ මොකටද?ඕකට තමයි අපි හරි උත්තරය හොයාගන්න ඕනි.

අනුරට දැන් තුන්බිය ඇතිවෙලා.පැලවත්තේ දැන් නිර්මාණය වෙලා තියන නොසන්සුන්තාවයට අනුර බයවෙලා.දැන් පැලවත්තේ තියෙන්නේ එකිනෙකා පාවාදීමේ සංස්කෘතියක්.පිල්වලට බෙදිලා අනෙකා පාවාදෙමින් ඉන්නවා.ඊළඟට මාලිමාව ඇතුලේ නිර්මාණය වෙලා තියන තත්වයට අනුර බයවෙලා.ඊට අමතරව අනුර බයවෙලා තියෙන්නේ අනුර කවුද කියලා රටට හෙලිවෙමින් තියන එක ගැනයි.අපි අහලා තියනවා සොහොන් පිට්ටනියක් ළගින් යනකොට හයියෙන්ම කෑගහන්නේ වැඩිම බය කෙනා කියලා.රටේ රාළ කියන්නේ පහුගිය 07 වෙනිදා අපි පාර්ලිමේන්තුවේදී අනුර තුලින් දැක්කේ වැඩිම බය හාදයාගේ කෑගැසීමයි.

ඇත්තටම දැන් ජවිපෙ තමන්ගේ දේශපාලන සොහොන් පිට්ටනියක් හරහා යමිනුයි ඉන්නේ.

අනුරට ඇතිවෙලා තියෙන මේ තුන් බිය තවදුරටත් විග්‍රහ කලොත් අනුර 07 වෙනිදා කතාව කරන්න වෙලා තිබුණේ අනුර වැඩියෙන්ම බය තුන්දෙනාගෙන් එක්කෙනෙක් ළඟ තියාගෙන.ඇත්තටම අනුර වැඩියෙන්ම බය තුන්දෙනාගෙන් එක්කෙනෙක් හරනිට බව අනුරගේ සහ වසන්තගේ කතාවලින් සහ ජවිපෙ ඩෝබිලාගේ දැන් භාවිතයෙන් ඔප්පු වෙනවා.හරිනි අතින් වරඳක් වෙලා තියනවා නම් ඒක නිවැරදි කිරීමේ අවස්ථාව හරිනිට දෙන එක තමයි සදාචාරාත්මක.ඊළඟට හරිනි කියන තොරතුරු එයාට එන්නේ මුදල් අමාත්‍යාංශයේ අධික්ෂණය යටතේ.

අනුරට හරිනිත් එක්ක වෛරයක් නැත්තං අනුර කරන්න ඕනි මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත හරහා හරනිගේ අවසරය සහිතව ඒක නිවැරදි කරන එකයි.ඇත්තටම මේ තොරතුරුවලට මුදල් අමාත්‍යාංශ ලේකම් වගකියන්න ඕනි වගේම අනුර වගකියන්න ඕනි.හරිනි ලගදී වෙනස් කරලා තියනවා නම් අනිවාර්යයෙන්ම පැලවත්තේ බඩුවක් ඔතන ඉන්නවා.ඒ වගේම වසන්ත හරිනි හෑල්ලු කරමින් කරපු ප්‍රකාශය කියන්නේ පැහැදිලි දේශපාලන ගේම් එකක්.

අනුර කළේ තමන්ගේ සුවච කීකරු දේශපාලන ඔඩොක්කු කුක්කෙක් ලවා හරිනිට ගහන එකයි.දැන් පැලවත්තේ ටිල්වින් - බිමල් කල්ලිය වසන්ත ඔසවලා දුන්න බෝලයට ඩෑෂ් එක ගහන්න ලෑස්තිවෙනවා.මේ වෙනකොට ජවිපෙ ඩෝබිලා හරිනිට ඉල්ලා අස්වෙන්න ඕනි කියන කැම්පේන් එක කරගෙන යනවා.රටේ රාළට හරිනිව ආරක්ෂා කරන්න ඕනි නෑ.හැබැයි හරිනිගේ අගමැතිධූරය සම්බන්ධ තීරණයක් ගන්නවා නම් ගන්න ඕනි සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීමේදී මිසක මෙතනදී නං නෙවෙයි.

එතනදිත් සුදුස්සා බිමල් නං වෙන්න බෑ.

හැබැයි අපේ රටේ අගමැතිනිය විදිහට හරිනිව තියාගනිමින් ඒ තනතුර තුට්ටු දෙකට දාන උත්සාහය නම් දේශපාලන භේදයකින් තොරව හෙලා දකින්න ඕනි වගේම හරිනිත් සිහිකල්පනාවෙන් වැඩකරන්න ඕනි.ඊළඟට 07 වෙනිදා අනුර පාර්ලිමේන්තුවට එන්න ඉස්සෙල්ලා තමන්ට තවත් කාන්තාවක් සම්බන්ධ කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සහ වීඩියෝ පලකරමින් අපහාස කරන බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නීතිඥයෙක් මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබුණා.ගොඩක් වෙලාවට ඔය කියන්නේ අනුර කොළඹින් පිට ගියහම නවාතැන් ගන්න හමිංබර්ඩ් විලා අධිපති ප්‍රමිෂ්කා පෙරේරා ගැන වෙන්න ඕනි.

කොහොම උනත් ප්‍රමිෂ්කා පෙරේරා සහ අනුර අතර තියෙන පෞද්ගලික සම්බන්ධය අපට වැදගත් නෑ.හැබැයි අනුර ජනාධිපති මන්දිර අතහැරලා අමතර වියදමක් දරාගෙන හෝටල්වල ඉන්නේ ඇයි කියන එක රටට පැහැදිලි කරන්න ඕනි. මොකද අනුර අද යැපෙන්නේ අපේ බදු මුදල්වලින්.ඒ වගේ අනුරට ප්‍රමිෂ්කා නොමිලේ ඒ තැන් ලබාදෙනවා නම් ඒ දෙන්නේ ඇයි කියන එකත් රටට අනාවරණය වෙන්න ඕනි.ඒ ප්‍රශ්න දෙකම අහන්න මේ රටේ ජනතාවට අයිතියක් තියනවා.ඒක නිසා ඉතා පැහැදිලියි අනුරට මේ බය ඇතිවෙලා තියෙන්නේ කාන්තාවන් දෙන්නෙක් නිසයි.

ඒ හරිනි අමරසූරිය සහ ප්‍රශ්මිකා පෙරේරා නිසයි.රටේ රාළ හිතන්නේ ප්‍රශ්නය දෙකම විසඳාගන්න ඕනි අනුරම තමයි.ජවිපෙ හිතනවා මාලිමාව ඇතුලේ හරිනි මුල් කරගත් කුමන්ත්‍රණයක් තියනවා කියලා.ඒ සිතිවිල්ල අනුරටත් ඇති.ඒ වගේම අනුරට පෞද්ගලිකවම සමීපවීම හරහා ප්‍රමිෂ්කා අනුර මෙහෙයවන බවට සාධාරණ සැකයක් සමාජය ඇතුලේ නිර්මාණය වෙලා තියනවා.ඒ ලබැදියාව මොකද්ද කියලා හෙලිවෙයි කියලා අනුරට බයක් තියනවා.ඒක මේ හුදු ලිංගික ක්‍රියාවලියක් කියලා රටේ රාළ කියන්නේ නෑ.

මේවා ඇතුලේ අයතා ගනුදෙනු,බදු පැහැරහැරීම්,වැරදි කොන්ත්‍රාත් ගැනීම්,හතුරාට ඔත්තුදීම් සහ hidden agendas ගොඩක් තියෙන්න පුළුවන්.ඒ අතර පැල්වත්තේ ගැටුමත් දිනෙන් දින උග්‍ර වෙනවා.මේ තුන් බිය තමයි අනුරට ඇතිවෙලා තියෙන්නේ.ඇත්තටම හරි නං අනුර බයවෙන්න ඕනි ඕවට නෙවෙයි.අනුර බය වෙන්න ඕනි අනුරට සහ ආණ්ඩුවට එරෙහිව බුරබුරා නැගෙන ආණ්ඩු විරෝධයටයි.ඒක හිතන්න තරම් සෙන්ස් එකක් මේ වෙලාවේ අනුරට නෑ.අනුර අර තුන්බිය ඇතුලේ හිරවෙලා.

 

- රටේ රාළ -

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment